Sunday, December 12, 2010

කොච්චර මෝඩද​??

අනේ!
මං කොච්චර මෝඩද​?
කිසිදා කැඩපතකින්
නොබැලුවා වගේ,
නුඹ ගැන සිතන​
හැටි...
නුඹ මට සිනාසෙන්නේ
ඔච්චමට බව නොසිතෙනා
හැටි...
දෑත් පටලවාගෙන
නුඹ හා සිහිනෙන් ඇවිද ගිය​
හැටි...
අනේ!
මං කොච්චර මෝඩද​?
ඒත්.....
නුඹ දන්නවාද​
පිණි බිඳ..?
ගතේ නොදකින ලස්සන​
මා හිතේ ඇති බව​,
මට දැනෙන හැගිම්..!
මේ අහස තරම් බව​,
ඒත්..........
මා සිතුවිලි,
තණ අඟ පිණි බිඳක් වගේ
බව​.....!!

3 comments:

  1. na na kubichchi ehema hitanna epa..."hama dema wenne hodatai...". - Aheni.

    ReplyDelete
  2. Hitha Lassananam Aye wena monada :) .. Mekanam Patta ...... (Dinesh)

    ReplyDelete