Thursday, December 9, 2010

දවසක ඒවි...!

දවසක මේ හිරු මිය යාවි,
මුළු ලොවම අදුරුවි යාවි,
නුඹට නුඹ නොදැනෙන
තරමටම....
මේ අහසේ..
සඳත් නෑ
තරුත් නෑ
අර​..අර​..
දුටූවාද​?නුඹ,
දහසක්
නෑ...
දසදහසක්
නෑ..නෑ..
ගණිනු බැරි
තරම්,
කණාමැදිරියෝ.......
මේ ලොව එළිය​
කරන්නට එන හැටි,
අර​....
කොළ පාට..නිල් පාට
පුංචි පුංචි එකතුවෙන්,
ජීවිතේ නොදුටූ
අපූර්වත්වයක්.....
ඔව්,
දවසක ඒවි....!!!

No comments:

Post a Comment