Friday, July 22, 2011

මා ගැන නොලියු කවියක්...

මා ගැන නොලියු කවියක්....
තෙරපි තෙරපි
නුඹේ සිත ලියන්නට​
තනන කවියක්...

නෙතින් මඟ හරින
සිතින් මා දකින​
නුඹේ සිත තුල ලියන​
ජීවමාන අප්‍රාණික​
කවියක්....

තීන්ත බොඳව මා
මැකී යයි,
නුඹ බියව නොලියනා
තවමත්...,

මා ගැන නොලියු කවියක්...

සීතල කඳුලු බිදුවකටවත්
බොඳ කල නොහැකි
වියලෙන පිනි බිඳුවක්
සමඟ
නොපෙනි යන​
කවියක්.....!!!!

2 comments:

  1. මා බිය නොවෙමි
    ඔබ ගැන ලියන්නට
    ඒත්
    ඔබ ලියූ කවියේ
    මා ගැන නොමැති සද
    කුමකට ලියමි
    ????
    ????????

    ReplyDelete
  2. Nice one...like it

    ReplyDelete