Sunday, November 28, 2010

සිහින

ජීවිතේ දොර කවුලූ
පියන්පත්,
හැර යථාර්ථය දෙස​
බලන්නට,
සිහින තුල පාවෙමින්
සිට් මට
සිහින බොඳකර පෙන්නුවා
ඔබ​..,
මලේ රුව දැක බඹරු
වැසුවත්,
බාදුරා මල විසකුරුයි
මලේ සුවද මිස රුව නොබලන්
ඔබ​,
බාදුරා මල ඩැහැගනියි.....!!!

Saturday, November 27, 2010

හිරු

දහසක් මල් පිපුණු ලොවක​,
දහසක් මල් පර කරන්නට...,
දහසක් හද නැවතු මොහොතක,
නැවත එවා අවදි කරනට...,
දහසක් මිනිසුන් ජීවත් කරනට...,
ඒසේම මේ හැම මකා දමන්නට,
දහසක් හිරු සක්වල නැත මේ ලොව​...,
එකම ඉරකටයි පෙම් කෙරුවෙ අප​....!!!

පිනි බිංදුවක උණූසුම​

බාහිරෙන් ඇති රළු බව​,
දෑස් තුල නොදකිමි...,
හඩෙහි ඇති තද බවට,
හදවතක් මෘදු වුණි...,
ව්ටක නගන සිනහාවට,
ජීවිතය හසුවුණි...,
පිනි බිදුවක උණුසුමක්,
සොයන්නට සැරසෙමි....!!!