Friday, August 26, 2011

ඒ ඔහු...

කැරකී කැරකී
සිතේ තෙරපෙන​
නෙක රූප අතරින​...
සිහින ඉවාන් කුමාරයා,
කඩා හැලෙන සීත පිණි බිඳු
සමඟ....
ගත පුරා සුවද දෙන​
නෙත සරා සමනළ වර්ණ රැස​....
නුඹේ රුව පෙනේවී
උඳුල තරු කැට
තුළින​.....
හැදිනගතිමී නුඹව​
සැබෑ පෙම්වතා
නුඹය​.....!!


Friday, July 22, 2011

මා ගැන නොලියු කවියක්...

මා ගැන නොලියු කවියක්....
තෙරපි තෙරපි
නුඹේ සිත ලියන්නට​
තනන කවියක්...

නෙතින් මඟ හරින
සිතින් මා දකින​
නුඹේ සිත තුල ලියන​
ජීවමාන අප්‍රාණික​
කවියක්....

තීන්ත බොඳව මා
මැකී යයි,
නුඹ බියව නොලියනා
තවමත්...,

මා ගැන නොලියු කවියක්...

සීතල කඳුලු බිදුවකටවත්
බොඳ කල නොහැකි
වියලෙන පිනි බිඳුවක්
සමඟ
නොපෙනි යන​
කවියක්.....!!!!

Friday, April 22, 2011

මිය යාවී නුඹ​...!!

ඇද හැලෙන මහා වැසි
සැඩ ගංවතුර හා පොර බදින​
නුඹ​...
වියළි කර්කශ ඝන 
පොළව මත​
පරළ තුත්තිරි පොත්ත රස විදින​..
සීනි කැටයට පාර දකින​
කුඹියා නුඹ​...
     .
     .
මහා මුහුදු සතක් තුල​
නොමැරී සිටි..
රැක ගන් ජීවිතය​
නුඹට ලොකු 
පුංචි පිණි බිඳුවෙන්
උණූසුම සොයන්නට යන​....

මිය යාවී කුහුඹුව​
නුඹ​...
නුඹේ ජීවිතය දුටුවොත්
පිණි බිඳුව​
තුල​.....!!!!

Thursday, February 24, 2011

දා බිඳු..

නලල් තලයේහි
රැඳුණු
දා බිඳු..
පුසුඹ දෙයි
නුඹ
මලක මෙන්
මෘදු..
රැකගනු නියා

මා මව්,
නැගු හඩෙහි තද බවට
අවදි විය නුඹ සමඟ
වියළි උන් තවත්
සුවහසක් 
දා බිඳු...
ඔප දැමු දියමන්තියක්
සේ දිලෙයි ඔබ​
රටක් වටින​
අමිල වු....
රූරා ගොස්
නුඹ,
සිප ගත් කල​
මා මිහි මව​
දැනෙන්නට ඇති
ඇයට
සිහිලස​,
මුරුගසන් වරුසා
දහසකින් නොලැබෙන​.....!!!!


‍‍‍ප්‍රථිඵලය නුඹම​
විය​,
දහසක් මිනිසුන්ගේ
කදුළු හා
එක් වුන​...!!!

Wednesday, February 16, 2011

අපුරුව​

චිත්ත , පරිචිත්ත
ඥාන , අවිඥාන
සැඟවුණ සංකල්ප
මිනිස් යටි සිතක....
කැප , අකැප
පිරුණු
යටි සිතෙහි ලස්සන,
උඩු සිතින් ඔබ 
වෙන්ව ගන්නට..
හොදම මඟ නම්,
ව්‍යංගයමැයි
පරසිඳු බව තුල
නැති
අපුරුව පිරුණ....



මිනිස් වල්කම සපිරි
යටි සිත..
මනස්කාන්තව අඹනු රිසි නුඹ
ව්‍යංගයමැයි
මෘදු , සිහිලැල් මැට්ට
අපුරුව පිරුණ.....!!!

Sunday, February 13, 2011

නුඹය සැපත..

ඒ ස්පර්ශය තුල​,
ආශ්වාද බොහෝය​...
හමුවු බොහෝ තැන්
ර​‍‍‍‍ම්‍ය,සුරම්‍ය,සුබ​
විය හැක සැප පිරුණු...
විසිතුරු,මිතුරු
පියකරු වුවත්
සැම​....
නොවටියි , නොවටියි
නුඹ මෙන් නොවටියි මට....!
රළු , පරළු , කර්කශ
වුවත් මේ
පොළව​...
දුවිලි පිරුණු සුළඟත්
සැපතකි මට 
ඉන් හමන​....
අහස් කුස සරා
මාළිගා තැනුවත් 
මම​..,
මගේ මරණයත් 
සිප ගනී

නුඹ,
මගේ ගම​...!!!

Sunday, December 26, 2010

නොපෙනෙන දුක​...!!

පෙනෙන නොපෙනෙන​
ක්‍ෂිතිජ ඉම දෙස​,
බලා සිටි විට
නැගෙන කදුලක​,
රත් පැහැය ගෙන දියට වැටුනද​..
තවම ඝෝෂා නගයි
දිය රළ....
නැගෙන වස් දඞු
ගීත රාවය​
හදේ සුසුමන් ලොවට
ගැයුවද​,
හමන සුළඟේ හඞට මුසු වී
අඟුලු වැටී ඇත දෙකන්
දනඟේ...
සදේ එළියෙන් මුව පැහැ
ගැනුනද​..,
දෑසේ අඳුරු බව නොදකින​
තරමට,
සඳ පැහැ වැටිලා මුව දිලිසෙන​
විට..,
දෙතොල් සිනහාවෙන් නොපෙනෙයි
මගේ දුක​.....!!!!