Sunday, December 26, 2010

නොපෙනෙන දුක​...!!

පෙනෙන නොපෙනෙන​
ක්‍ෂිතිජ ඉම දෙස​,
බලා සිටි විට
නැගෙන කදුලක​,
රත් පැහැය ගෙන දියට වැටුනද​..
තවම ඝෝෂා නගයි
දිය රළ....
නැගෙන වස් දඞු
ගීත රාවය​
හදේ සුසුමන් ලොවට
ගැයුවද​,
හමන සුළඟේ හඞට මුසු වී
අඟුලු වැටී ඇත දෙකන්
දනඟේ...
සදේ එළියෙන් මුව පැහැ
ගැනුනද​..,
දෑසේ අඳුරු බව නොදකින​
තරමට,
සඳ පැහැ වැටිලා මුව දිලිසෙන​
විට..,
දෙතොල් සිනහාවෙන් නොපෙනෙයි
මගේ දුක​.....!!!!

Wednesday, December 22, 2010

මොහොතක් නවතින්න​...!!

මොහොතක් නවතින්න​..,
එන්න යන්න​
ආ මඟ දිඟේ..
නැවතත් මා සමඟ,
අත්වැල් බැඳන් නුඹ හා
පැමිණි මඟ,
කල යුතු දෑ බෝහෝය​..
දැක යුතු තැන් බෝහෝය​..
මඟ හැරුණු දේ බෝහෝය​..
ඔබ හා පැමිණි මෙතෙක්
දුර​,
නොදැනී ගෙවි ගිය​
කල​,
මොහොතක් නැවතී
සිතු සඳ,
කාලය​...යමු පසුපසට
මට කල යුතු වැඩ
බෝහෝ ඇත​......!!

සැ.යු- ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැක​..

Sunday, December 12, 2010

කොච්චර මෝඩද​??

අනේ!
මං කොච්චර මෝඩද​?
කිසිදා කැඩපතකින්
නොබැලුවා වගේ,
නුඹ ගැන සිතන​
හැටි...
නුඹ මට සිනාසෙන්නේ
ඔච්චමට බව නොසිතෙනා
හැටි...
දෑත් පටලවාගෙන
නුඹ හා සිහිනෙන් ඇවිද ගිය​
හැටි...
අනේ!
මං කොච්චර මෝඩද​?
ඒත්.....
නුඹ දන්නවාද​
පිණි බිඳ..?
ගතේ නොදකින ලස්සන​
මා හිතේ ඇති බව​,
මට දැනෙන හැගිම්..!
මේ අහස තරම් බව​,
ඒත්..........
මා සිතුවිලි,
තණ අඟ පිණි බිඳක් වගේ
බව​.....!!

Thursday, December 9, 2010

අඩිය​

ඉදිරියට නුඹ
අඩියක් තැබු
කල​,
පසුපස හැරී
බලන් මොහොතක්,
අසරණ වු දහසක්
දෑස්..,
නුඹ දෙස බලා
පවසන්නේ කුමක් කියා..?
දික් වු දහසක්
දෑත්..,
නුඹගෙන්
ඉල්ලන්නේ කුමක් කියා..?
ඒ අසරණ දෑත් සවිමත්
කරනු නියා,
මතක තියාගන්...
තැබු අඩිය​
අඩියක් මිස​,
අඩි දෙක​,තුන​..
නොවෙයි කියා.....!!!

දවසක ඒවි...!

දවසක මේ හිරු මිය යාවි,
මුළු ලොවම අදුරුවි යාවි,
නුඹට නුඹ නොදැනෙන
තරමටම....
මේ අහසේ..
සඳත් නෑ
තරුත් නෑ
අර​..අර​..
දුටූවාද​?නුඹ,
දහසක්
නෑ...
දසදහසක්
නෑ..නෑ..
ගණිනු බැරි
තරම්,
කණාමැදිරියෝ.......
මේ ලොව එළිය​
කරන්නට එන හැටි,
අර​....
කොළ පාට..නිල් පාට
පුංචි පුංචි එකතුවෙන්,
ජීවිතේ නොදුටූ
අපූර්වත්වයක්.....
ඔව්,
දවසක ඒවි....!!!

Wednesday, December 8, 2010

මා මිතුර​...

සුවහසක් නෙත් කෙවෙනි
රිදුම් තලනා විට,
හදේ දොම්නස නෙතින්
ගලන කල​,
හැකි නම් දෑත දිගුකර​
ඒ කදුළු පිසලන්න​,
මා මිතුර​......
තනන්නට හෙට දිනක්
සාමයම රැව්දෙන්න​,
සුවහසක් ළය පෙලු
සුසුම් වැල් පිසලන්න,
දොත පුරාවට පැතුම් මල්
පූදන්න​,
වැටි වැටී යන මග​
නොවැටි යන්නට,
මිතුදමේ නාමයෙන්
දිවි ඇති තුරාවට
නුඹ,
වාසනාවේ මිණි කිරුලද​
සමගින​,
පෙනේව්!දහසක් විසල් කදු මැද​
සුපැහැදිලි,
සප්ත මහා ගිරි පව්ව මෙන්
නොසෙල්වෙන​......!!!

Monday, December 6, 2010

නුඹ දන්නවාද​?

නුඹ දන්නවාද​?
නුඹේ ඔය බැල්ම​
නුඹේ ඔය දෑස​
නුඹේ ඔය හඩ
තුල​......
මා කැටි කර ගත්
බලාපොරොත්තු තිබෙන​
බව​......
නුඹ මට දුන්,
මා නුඹට නොදුන්,
මහා ගිරි පවුව​
තරම්,
බලාපොරොත්තු තිබෙන​
බව​......
නුඹ තබන අඩියක්
පාසා......
මම ම බැඳි,
මට ම හිමි,
නුඹට නොහැගි
සින්නක්කර වු
බලාපොරොත්තු තිබෙන​
බව​......

Sunday, December 5, 2010

සම්‍පතකි..

චණ්ඩ මාරුතයක​
දෘඪ බව​,
බලනු නොඇර දෑස්
ඇතුලාන්තයේ නැවුම් බව​..,
වේලුනු පිණි බිඳ
නැවත නොයෙන්නට,
නියගය නුඹ..,
මහා සම්පතකි මට....!!

ජීවිතයක් තුල​..

අසංතෘප්ත වු ජීවිතයක්
තුල​,
අහස් කුස සරා
සැරිසරන්න​..,
උත්කෘෂ්ඨ ජීවිත ගමනක​
නුඹ හා වෙලෙන්නට,
සකි සඳ...
මේ ගමනක​
නිමාව නම්
නොවෙයි......!!!!!!!!