Friday, April 22, 2011

මිය යාවී නුඹ​...!!

ඇද හැලෙන මහා වැසි
සැඩ ගංවතුර හා පොර බදින​
නුඹ​...
වියළි කර්කශ ඝන 
පොළව මත​
පරළ තුත්තිරි පොත්ත රස විදින​..
සීනි කැටයට පාර දකින​
කුඹියා නුඹ​...
     .
     .
මහා මුහුදු සතක් තුල​
නොමැරී සිටි..
රැක ගන් ජීවිතය​
නුඹට ලොකු 
පුංචි පිණි බිඳුවෙන්
උණූසුම සොයන්නට යන​....

මිය යාවී කුහුඹුව​
නුඹ​...
නුඹේ ජීවිතය දුටුවොත්
පිණි බිඳුව​
තුල​.....!!!!

12 comments:

  1. sad....,bt GREAT................!
    ayomi

    ReplyDelete
  2. Nice Work...!!..keep it up

    ReplyDelete
  3. nice dear......
    great work.......

    ReplyDelete
  4. සයුරු රළ මා ගිල ගනීදෝ
    බියෙන් තැතිගෙන
    දමා ඔබ මා කෙසේ යන්නද
    මගේ හෙට දින රැඳී ඇත්තේ
    සයුර නුඹ ලඟ

    පිණි බිඳුව,
    නුඹට මන් ආදරෙයි
    මියැදුනත් මා
    ඔබේ කුස තුල

    ReplyDelete
  5. ජොරා නුඹටත් තුති මගෙන්
    ලිවාට කවි පද අගේ..
    සැබෑ ඇතුලත අරුත මෙහි වන​
    නුඹත් තේරුම් ගෙන වගේ...


    ස්තූතියි ජෝ....

    ReplyDelete
  6. අපූරුයි නංගියෝ(කූඹිච්චි)........

    ReplyDelete
  7. බොහෝම ස්තූතියි අයියේ..

    ReplyDelete
  8. නියමයි කූඹී..... ඔන්න ඔහෙ මේ පාරෙනුත් එන්න. මේ මගේ බ්ලොග් එක
    http://visituru.blogspot.com/

    ReplyDelete