Wednesday, December 8, 2010

මා මිතුර​...

සුවහසක් නෙත් කෙවෙනි
රිදුම් තලනා විට,
හදේ දොම්නස නෙතින්
ගලන කල​,
හැකි නම් දෑත දිගුකර​
ඒ කදුළු පිසලන්න​,
මා මිතුර​......
තනන්නට හෙට දිනක්
සාමයම රැව්දෙන්න​,
සුවහසක් ළය පෙලු
සුසුම් වැල් පිසලන්න,
දොත පුරාවට පැතුම් මල්
පූදන්න​,
වැටි වැටී යන මග​
නොවැටි යන්නට,
මිතුදමේ නාමයෙන්
දිවි ඇති තුරාවට
නුඹ,
වාසනාවේ මිණි කිරුලද​
සමගින​,
පෙනේව්!දහසක් විසල් කදු මැද​
සුපැහැදිලි,
සප්ත මහා ගිරි පව්ව මෙන්
නොසෙල්වෙන​......!!!

4 comments:

  1. හොඳයි හොඳයි කූඹි... හරිම ලස්සනයි....

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි..

    ReplyDelete
  3. හරිම ලස්සනයි

    ReplyDelete
  4. @ Anonymous

    බොහෝම ස්තූතියි..!!

    ReplyDelete