ආශ්වාද බොහෝය...
හමුවු බොහෝ තැන්
රම්‍ය,සුරම්‍ය,සුබ
විය හැක සැප පිරුණු...
විසිතුරු,මිතුරු
පියකරු වුවත්
සැම....
නොවටියි , නොවටියි
නුඹ මෙන් නොවටියි මට....!
රළු , පරළු , කර්කශ
වුවත් මේ
පොළව...
දුවිලි පිරුණු සුළඟත්
සැපතකි මට
ඉන් හමන....
අහස් කුස සරා
මාළිගා තැනුවත්
මම..,
මගේ මරණයත්
මගේ මරණයත්
සිප ගනී
නුඹ,
මගේ ගම...!!!
thts true dr
ReplyDeleteThnx Char...apita tama eka hodata danenne neda..
ReplyDelete